පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග තනතුරෙන් ඉල්ලා අස්වෙයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණයට කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ; පෞද්ගලික හේතුවක් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

ඊට අදාළ ලිපිය ද ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ අනුමැතිය ද හිමි ව තිබෙනවා.

මෙම තීරණය කිසිදු බලපෑමකට හෝ වෙනත් ආයතනික ගැටලුවක් මත නොව සිය පෞද්ගලික කරුණක් මත පදනම් ව පමණක් ගත් බව ඔහු සිය ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩභාර ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39