AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරියෙකුට පහරදුන් 3 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරියට බාධා කළ බව කියන තරුණයන් දෙදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසලදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුටයි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් විසින් ඊයේ 24 රාජකාරියට බාධා කර පහරදීම සිදු කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශනයක් සිදු කර සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ පොලිස් නිලධාරියා උදෑසන රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී ආරක්ෂිත හිස්වැසුම් නොමැති පුද්ගලයෙකු යතුරුපැදයකින් රැගෙන යමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට ගොස් තිබෙනවා.

එහිදී යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා සහ එම ස්ථානයට පැමිණි කාන්තාවක් නිලධාරියා සමග ආරවුලක් ඇතිකරගෙන ඔහුට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ පට්ටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 21 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක් සහ 50 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබත් අස ජීවිතයේ සතුටින් ඉන්නද? #goodmorning
06:11
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53

?