අම්පාර – පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුළ දී මෙම කොස්තාපල්වරයා අද (06) අලුයම මෙලෙස වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.













