AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් අණ නොතකා පලා ගිය මෝටර් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී

පොලිස් අණ නොතකා පලා ගිය මෝටර් කාර් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තවත් කැණීම් උපකරණ තොගයක් සොයා ගෙන ඇති මාවතගම පොලීසියේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 18 වෙනිදා රාත්‍රී 8.30 ට පමණ මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් කාර් රථයකට නවත්වන ලෙස රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අණ කර ඇති අතර පොලිස් අණ නොතකා මෝටර් කාර් රථය පලා ගොස් තිබේ.
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පලා යමින් තිබූ මෝටර් කාර් රථය පසු පස හඹා ගොස් මාවතගම නගරයේදී එය නවත්වා ගැනීමට සමත්වී ඇත.

පලා ගිය මෝටර් කාර් රථයේ රියදුරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කරන විට ඔහු ඊට විරෝධය පළ කර ඇත.ඒ අතර මෝටර් කාර් රථයේ සිටි තවත් දෙදෙනෙකු ඉන් බැස පලා ගොස් ඇත.රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථය මාවතගම පොලීසියට ගෙනවිත් පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.

සැකකාර රියදුරා දඹදෙණිය – සිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෝටර් රථය තුළ සගවා තිබූ ඩෙටනේටර් 09 ක්,ජෙලිග්නයිට් කූරු 01 ක්, ඇමෝනියා කිලෝ ග්‍රෑම් 01 ක්,විද්‍යුත් විදින යන්ත්‍ර 02 ක්,විදුලි ගල් විදින යන්ත්‍ර 01 ක්,අලවංගු 03 ක්,කඩු 01 ක්,පිහි 01 ක්,උදළු 02 ක්,යවුල් 02 ක්,මිටි 01ගල් විදින කටු 03 ක්,විදුලිය ලබා ගන්නා අඩි 100 ක් පමණ දිග වයර් කැබලි 03 ක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම පුපුරණ ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ රැගෙන ගියේ කුමන හේතුවක් සදහාද යන්න අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මෙතෙක් හෙලි කර නොමැති බව පොලීසිය කියයි.නමුත් තම බාරයට ගෙන ඇති උපකරණ අනුව සැකකරුවන් නිධානයක් ගොඩ දැමීමේ අරමුණ ඇතිව ගමන් කරන්නට ඇතැයි සැකකරන බව පොලීසිය පවසයි.

පලා ගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති අතර මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?