දිනකට පාර්ස්පෝට් 4000ක් නිකුත් කිරීමට සැලසුමක්

විදේශ ගමන් බලපත්‍ර හිඟය මගහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී” කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව, මේ වන විට පවත්නා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ඉවත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීම මගින් දිනකට ගමන් බලපත්‍ර 4,000ක් බැගින් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ දී රජය සඳහන් කළේ.

ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්යමණ්ඩලය, එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම මගින් සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීම මගින් සලසා ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09