ඔන්ල‍යින් පනතට තවත් සංශෝධන කිහිපයක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නා.

අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද (05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා එම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම එස්. තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට සම්මත කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇති බව සඳහන් කළා.

ඊට අදාළව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් ඔහු දැනුම් දී සිටියා.

එම පනතට ඉකුත් රජය සමයේ ද සංශෝධන ගෙන ඒමට පියවර ගෙන තිබුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම එම කටයුතු අඩාල වූ බවත් සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනානි දයාරත්න සහ ජනාධිපති නීතිඥ විරාන් කොරයා යන අය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පනත සම්මත කරගත් ආකාරය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර නීතිඥවයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ අදාළ පනතට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින හෙයින් එහි ඉදිරි ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම ජුනි මස 23 වැනිදා දක්වා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

පෙත්සම්කරවන් කියා සිටින්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එහි ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කරමින් විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කළ බවයි.

එම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්නේ නම් ඊට සිදු කළ යුතු සංශෝධන ගණනාවක් රජය වෙත යෝජනා කර තිබූ බවත් පෙත්සම්කරුවන් පෙන්වාදී තිබෙනවා.

ඒත් එම පනත සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ නිර්දේශ ගණනාවක්ම ඊට ඇතුළත් කිරීමට එවක රජය කටයුතු නොකළ බව චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ අනුව අදාළ පනත නිසියාකාරව නිත්‍යානුකූලව සම්මත වී නොමැති බවත් පෙත්සම්කරුවන් ප්‍රකාශ කරනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14