AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පති හදිසියේම පොලිස් ස්ථාන පරීක්ෂාව අරඹයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හදිසි පරීක්ෂාවක් සදහා කුරුණෑගල මුලස්ථාන පොලිසියට ගොස් ඇති බව වාර්තා වනවා.

පොලිස්පත්වරයා මේ සදහා පිටත්ව ගොස් ඇත්තේ අද (20)දින කුරුණෑගල පොලිස් වසමේ කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවයි.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නිළධාරීන්ගේ සුභසාධන ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසා ඇති අතර, පොලිස් ස්ථානයේ ගොඩනැගිලි හා එක් එක් අංශ පරීක්ෂාවක්ද සිදුකර තිබෙනවා.

නිළධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම පොලිස්පතිවරයා විසදුම් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඉදිරියේදීත් මෙවැනි ආකාරයේ පොලිස් ස්ථාන හදිසි පරීක්ෂා කිරීම් සිදුකරනු ලබන බව පොලිස්පතිවරයා විසින් උසස් නිළධාරීන් වෙත පවසා ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
2
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?