AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පතිගේ ජීප් රථයේ සුළු පිපිරීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ගමන් කරමින් සිටි ජීප් රථයේ යම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

පොලිස්පතිවරයා සිය නිල ජීප් රථයෙන් පෙරේදා (18)දින පස්වරුවේ පොලිස් මූලස්ථානයට ගමන් කරමින් සිටිය දී, කොටුව චෛත්‍ය පාරේ ,වරාය පිවිසුම අසළ දී රථයෙන් ශබ්දයක් පිටව තිබෙනවා.

රියදුරු ද සමගින් පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයා රථය පරීක්ෂාවට ලක්කිරිමේ දී පෙනී ගොස් ඇත්තේ, ජීප් රථයේ ඉදිරිපස වීදුරුවේ අඟල් හතක පමණ කොටසක පිපිරීමක් සිදුව තිබෙන බවයි.

අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් කොටුව පොලිසිය වෙත ද දැනුම් දීමක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙහිදී පොලිස්පතිවරයාගේ නිල ජීප් රථයට බරපතළ හානියක් සිදුව නොමැති බව ද පොලිස් ආරංචිමාර්ග සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
31
+1
1
+1
1
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?