පොත අස්සේ ගිනිඅවිය සඟවා ඇත්තේ ඉෂාරාගේ සොහොයුරු බවට හෙළිවෙයි

ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව මේ වන විට (26) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට අනුව නිලධාරින් ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.

පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ගෙන් මෙන් ම ගනේමුල්ල සංජීව උසාවියට රැගෙන එම සිදු කිරීම සම්බන්ධයෙන් වගකීම දැරු නිලධාරියාගෙන් ද ප්‍රශ්න කර ඇති බව‍යි වාර්තා වන්නේ.

තවත් 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

මෙම විමර්ශන කටයුතු සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවනවා.

උසාවියට ගෙන ඒමට පෙර ගනේමුල්ල සංජීව සිටි සිරමැදිරියේ තිබී ජංගම දුරකථනයක් ද හමු ව තිබෙන අතර එය ද මේ වනවිට විමර්ශන සඳහා භාරකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සංජීව ඝාතනයෙන් පසු අතුරුදන් ව සිටින මෙම සිද්ධිය මහමොළකාරිණිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි විසින් රැගෙන එන ලද ගිනි අවිය අපරාධ නඩු විධාන සංග්‍රහය ග්‍රන්ථයේ ඇතුළත සූක්ෂ්ම අයුරින් කපා එහි බහා ඇත්තේ ඇයගේ සොහොයුරා බවට හෙළි ව තිබෙනවා.

එමෙන්ම ඇයගේ සොහොයුරා හට ද විදෙස්ගත ව සැඟවී සිටින කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් වරින් වර මුදල් තැන්පත් කරන ලද බවත් හෙළි ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

තව ද, වෙඩික්කරු වන කොමාන්ඩෝ සමිදු සහ ඉෂාරා අතර සමීප ඇසුරක් තිබී ඇති බවත් ඔවුන් ඝාතනයට පෙර දිවුලපිටිය ප්‍රදේශයේ වෙළෙඳසැලකින් අත්‍යවශ්‍ය ආහාරපාන ද ලබාගෙන ඇති බවත් සඳහන්.

ඔවුන් ළැඟුම්හලට පිටත් ව යාමට පෙර රාජ්‍ය බැංකුවකින් රුපියල් 50000ක මුදලක් ද ලබාගෙන ඇති බවයි සිදු කළ විමර්ශනවලින් හෙළි ව ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා එළඹෙන 07 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත ද කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02