spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙර කළ වැරදි කීපයකට හිමි නමක් අත්අඩංගුවට

ගිහි කළ එල්ල වී තිබූ චෝදනා කීපයකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර සිටි ස්වාමීන් වහන්සේ නමක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – තිහලිය විහාරස්ථානයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ නමක්.

සැකකාර ස්වාමීන් වහන්සේ ගිහි කළ පදිංචිව සිට ඇත්තේ ගල්ගමුව – ගිරිබාව ප්‍රදේශයේය.එම කාලයේදී නිවසකට ගිනි තබා අනර්ථයක් සිදු කිරීම සහ ගංජා ළග තබා ගැනීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලීසිය විසින් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයයේ නඩු පවරා තිබී ඇත.

එම නඩු වලට පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් සහ දින වරෙන්තු 02 ක් සැකකරුට අධිකරණය විසින් නිකුත් කර තිබීණ.

ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති ස්වාමීන් වහන්සේ පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?