සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.
තරගය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 07.00 ට ආරම්භ වනවා.
තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වූ නිසා පූර්ණ තරගාවලියක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව අද (19) තරගය අනිවාර්යෙන් ජයගත යුතු වනවා.













