ජාත්‍යන්තර පිටියෙන් සමුගත් රොනාල්ඩෝට පෘතුගාල කණ්ඩායමෙන් යළි කැඳවීමක්

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නව පුහුණුකරු ජෝර්ජ් ජේසුස් (Jorge Jesus) විසින් නම් කරන ලද ඉදිරි තරගවාරය සඳහා නම් කරන ලද මූලික සංචිතයට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය ලෝක කුසලානයේ අත්විඳි පරාජයත් සමඟ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කළා.

රොනාල්ඩෝ මේ වන විට 41 හැවිරිදි වියේ පසු වනවා.

මේ අතර, සැප්තැම්බර් 24 වැනිදා ආරම්භ වන පෘතුගාලයේ ‘නේෂන්ස් ලීග්’ (Nations League) තරගාවලිය සඳහා තෝරාගෙන ඇති 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ද රොනාල්ඩෝද ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු පෘතුගාල පුහුණුකරු ධුරයෙන් ඉවත් වූ රොබටෝ මාටිනෙස් වෙනුවට ජෝර්ජ් ජේසුස් පත් කරනු ලැබුවා.

ජෝර්ජ් ජේසුස් පසුගිය රොනාල්ඩෝ ක්‍රීඩා කරන සෞදි ‘අල්-නස්ර්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, වසර හතකට පසු ‘අල්-නස්ර්’ කණ්ඩායම සෞදි ප්‍රෝ ලීග් (Saudi Pro League) ශූරතාව දිනා දීමට ඔවුන් දෙදෙනා ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා.

මේ අතර රොනාල්ඩෝගෙන්, තම රට වෙනුවෙන් දිගටම ක්‍රීඩා කරන්නේදැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ, “මම මගේ පවුලේ අය හමුවී සන්සුන් මනසකින් යුතුව ඉදිරි තීරණ ගනු ඇතී,” යනුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීළග ගිම්හානයේ පැවැත්වෙන නේෂන්ස් ලීග් අවසන් තරගාවලියට පෙර රොනාල්ඩෝට වයස අවුරුදු 42ක් සම්පූර්ණ වන අතර, ‘යුරෝ 2028’ (Euro 2028) තරගාවලිය වන විට ඔහුට වයස අවුරුදු 43ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19