පූර්ණ තරගාවලි පරාජයකින් බේරෙන්න අද ලංකාව තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.

තරගය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 07.00 ට ආරම්භ වනවා.

තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වූ නිසා පූර්ණ තරගාවලියක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව අද (19) තරගය අනිවාර්යෙන් ජයගත යුතු වනවා.