පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ තීන්දුව ජූලි 31 වනදා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වි සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව එළඹෙන ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ල අද (12) නියම කළා.

එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කර අවසන්ව තිබෙනවා.

ඉන් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූලි මස 31 වනදා සිදු කරන බවයි කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted