Fly high Get bonus Aviator Phone

පුවත්පත් කලාවේ විශිෂ්ටතමයා එල්මෝ ගුණරත්න සමුගනී

ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයකු ලෙස සැලකේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ‘සිංහලයා’ පුවත්පතෙනි.

පසුව ලේක්හවුස් ආයතනයේ සේවයට බැදුණු ඒ මහතා එම ආයතනය රජයට පවරා ගන්නා තෙක් එහි සේවය කළේය.

ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළ කොට ඉල්ලා අස්වූ කිහිප දෙනා අතර එල්මෝ ගුණරත්න මහතාද විය.

ඉන් අනතුරව තායිලන්තය බලා පිටත්ව ගිය ඒ මහතා ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන් කලක් සේවය කළේය.

අනතුරුව 1978 යළි ලංකාවට පැමිණි ගුණරත්න මහතා එවකට පැවැති ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළේය.

එම ආයතනය මගින් මුද්‍රණය කළ ‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.

එමෙන්ම ගුණරත්න මහතා ජනාධිපති සම්මානයෙන් සහ විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.

ඉන් අනතුරුව ගුණරත්න මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.

නැසීගිය නන්ද්‍රා ඩයස් ගුණරත්න මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයා වන එල්මෝ ගුණරත්න මහතා දමිත ගුණරත්න, හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජීව් ගුණරත්න යන අයගේ පියාණන්ද වේ.

මධුක, ලංකේෂ්, තෙවුණි සහ ඩිල්මින් යන මුනුපුරු මිනිපිරියන්ගේ ආදරණීය සීයා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?