පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයකට නිධන් හොරුන්ගේ අවධානය(ඡායාරූප)

වසර ගණනාවක සිට අවස්ථා ගණනාවක්ම ගලෙන්බිදුනුවැව, කෝඩාලිපොතාන විහාරමහාදේවි චිත්ත විවෙික සෙනසුන නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බව විහාරාදිපතිව වැඩවසන දේවහුවෙි හේමාලෝක හිමි පවසනවා.

පුරාණ පොකුණු,බුදු පිළිම ,පඩිපෙළ,කැසිකිලි ,විහාර මහාදේවීගේ පිලිරුවක් යන නිධන් සොරුන්ගේ ග්‍රාහනයට ලක්වු ස්ථාන මෙන්ම ගරා වැටි ඇති චෛත්‍ය ඇතුළු ‍ඓතිහාසික වටිනාකමක් ඇති නමුත් බලධාරින්ගේ අවධානයට ලක් නොවු නිධන් හොරුන්ගේ අවධානය දිනා ගත් ස්ථානයක් බවට මෙම විහාරස්ථානය පත්ව තිබෙනවා.

විහාරාධිපති හිමියන් පවසන්නේ පුරාවිද්‍යාත්මක සාධක දක්නට ලැබුනද මෙම පුණ්‍ය භුමිය මේ දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කොට පුරා විද්‍යා සංරක්ෂණයක් නොකර ඇති බවත් නිධන් සොරු නිධන් සොයා කල කැණිම් සිදු කල සෑම අවස්ථාවකම අදාළ අංශ හා බළධාරින්ට දැනුවත් කර ඇති බවත් මිට පෙර අවස්ථා වලදී නිධන් සොරුන් ගලෙන්බිදුණුවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නිති ක්‍රීයාමාර්ග ගෙන සොරුන්ට අධිකරණයෙන් දඩුවම් ද පමුණුවා ඇති බවයි.

දැනට දින කිහිපයකට පෙර ද පන්සල් භුමියේ කැලෑබද ප්‍රදේශයක යම් පුද්ගලයකු හෝ පිරිසක් එක්ව නිධන් ගැනීමේ අරමුණින් කැනීමක් කර ඇති අයුරු එහි ගිය අප කැමරා කාචයේ සටහන් වු අතර මෙම කැණිම සිදු කර ඇති ස්ථානය මිට වසර 20 කට පමණ පෙර නිධන් සොරුන් විසින් හාරා විනාස කර තිබෙන බවයි වාර්තා වන්නේ.

2023 වර්ෂයේ මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවස්තු ඇති ස්ථානයක් බව අධිකරණයට කරුණු වාර්ථා කර ඇති ස්ථානයක් මෙන්ම ඉන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,ගලෙන්බිදුණුවැව පොලිසිය,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිළධාරින් හා ගම්වාසින් විසින් විදුරු බොතල් කටු දමා වසා දැමු ස්ථානයක් විමත් , නැවත එම ස්ථානයම කිසිදු බියක් සැකක් නොමැතිව හාරා තිබිමත් විස්මයට කරුණක් බවත් මෙම විහරස්ථානයේ දැනට හමුවී ඇති පුරාවිද්‍යාත්මක සාධක පදනම් කරගෙන හා ජනප්‍රවාදයේ පවතින කතාවන්ට අනුව විහාර මහා දේවිය විසින් අතිතයේ පැවති සටන් සඳහා මල්ලව පොර සුරයන් පුහුණු කල ස්ථානයක් බවද මෙම ස්ථානය පෙන්නුම් කර හැකි බව විහාරාධිපති හිමි පවසනවා.

අවස්ථා ගණනාවක් මෙම පුරාණ පුණ්‍ය භුමිය පිළිබද බළධාරින්ගේ අවධානයට යොමු කර තිබුනද මේ දක්වා කිසිදු අවධානයක් යොමු නොකිරිම කණගාටුවට කරුණක් ලෙස පෙන්වා දෙන ගම්වාසින් හා ගලෙන්බිදුනුවැව, කෝඩාලිපොතාන විහාරමහාදේවි චිත්තවිවෙික සෙනසුනේ වර්ථමාන විහාරාධිපතිව වැඩ වසන දේවහුවෙි හේමාලෝක හිමියන් බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙහි ඇති පුරාවිද්‍යාත්ම භාවය හා එමගින් ලංකාවෙහි නව ඉතිහාස වංශකතාවක් වල් වැදීමට නොදී පෞරාණික භාවයට හානි නොවන පරිදී යම් හො කැණිම් කටයුත්තක් සිදු කර එහි වටිනාකම තවදුරටත් ආරක්ෂා වෙන පරිදී සංරක්ෂණය කර දෙන ලෙසත් මෙම විහාරස්ථාන භුමියේ ඇති නිධන් වස්තු ආරක්ෂා කරිම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් ආරක්ෂක අංශයක නිළධාරින්ගේ ආරක්ෂක කුටියක් ඉදිකර ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18