spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලික පාසලක විදුහල්පතිගෙන් ගුරුවරියකට නොහොබිනා සුබ පැතුමක්

අවුරුද්දට විස් කරන්නවත් බැරි උනා යැයි කියා මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානයක පිහිටි පුද්ගලික පාසලක ගුරුවරියක්ව බලහත්කාරයෙන් සිප වැළඳගෙන ලිංගික අතවර කලේ යැයි කියන එම පුද්ගලික පාසලේ විදුහල්පතිවරයාව අද ( 17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

අත්අඩංගුවට පත් සැකකරු කඩවත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියෙකි.

එම පුද්ගලික පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක් කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයාව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම පුද්ගලික පාසැලේ ඉගෙනුම ලබන දරු දැරියන් මුස්ලිම් ජාතිකයින් බව පොලිසිය සඳහන් කළා.

නෝම්බි උත්සවය අවසන්වනතුරු පාසැලේ දරුදැරියන්ට සහ ගුරුභවතුන්ට නිවාඩු ලබාදී ඇති බවත් අවශ්‍ය ම වැඩ කිහිපයක් සිදු කිරීමට ඇති බව පවසා විදුහල්පතිවරයා විසින් ඇමතුමක් ලබා දී පැමිණිලිකාර ගුරුවරියව අද (17) පෙරවරුවේදී පාසලට ගෙන්වා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා විසින් පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරියව බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරුව හෙට (18) ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?