AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයන් 218කගේ වත්කම් රජයට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති වත්කම් රාජසන්තක කිරීමට අදාළ පුද්ගලයන් දෙසිය දහඅට දෙනකුගේ තොරතුරු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසයට යොමු කර ඇත.

මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී පැවරුණු නඩු හැත්තෑ පහක දී මෙම පුද්ගලයන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත.

මුදල්, ඉඩම්, වාහන, රත්තරං, ආයෝජනය කිරීමේදී ඒ සඳහා එම මුදල් යොදවා ඇති අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම නීතිවිරෝධී වත්කම් පවරා ගැනීම සඳහා එම ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අසීමිත ලෙස මුදල් හා වත්කම් රැස් කළ දෙමටගොඩ රුවන්ට අයත් රත්ත්‍රං, වාහන අටක්, මුදල් පසුගියදා නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාස වෙත පවරාගෙන ඔහුට එරෙහිව නඩු පවරා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?