පුද්ගලයන් 218කගේ වත්කම් රජයට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති වත්කම් රාජසන්තක කිරීමට අදාළ පුද්ගලයන් දෙසිය දහඅට දෙනකුගේ තොරතුරු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසයට යොමු කර ඇත.

මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී පැවරුණු නඩු හැත්තෑ පහක දී මෙම පුද්ගලයන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත.

මුදල්, ඉඩම්, වාහන, රත්තරං, ආයෝජනය කිරීමේදී ඒ සඳහා එම මුදල් යොදවා ඇති අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම නීතිවිරෝධී වත්කම් පවරා ගැනීම සඳහා එම ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අසීමිත ලෙස මුදල් හා වත්කම් රැස් කළ දෙමටගොඩ රුවන්ට අයත් රත්ත්‍රං, වාහන අටක්, මුදල් පසුගියදා නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාස වෙත පවරාගෙන ඔහුට එරෙහිව නඩු පවරා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33