පුතාගේ පහරදීමෙන් බීමත් පියා ජීවිතක්ෂයට

බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගත් පුද්ගලයෙකු ඔහුගේ පුත්‍රයා කළ පහරදීමකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පෙරේදා (14) රාත්‍රී කාලයේ බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් යකඩ පොල්ලක් රැගෙන ඇයට පහරදීමට උත්සාහ කර තිබෙනවා.

පසුව එම ගැටුම බේරීම සඳහා පුත්‍රයා සහ දියණිය මැදිහත් වී ඇති අතර එහිදී මෙම පුද්ගලයා විසින් ඔවුන් දෙදෙනාට ද පහරදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පසුව යකඩ පොල්ල පියාගෙන් උදුරා ගත් පුත්‍රයා ඉන් පියාගේ හිසට පහරදී ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා ඊයේ අලුයම පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොළොන්නරුව පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
24
මලපනිනව !
2
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?