පුංචි දියණියට හිමිනම කළ කැත වැඩේ

එකොළොස් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළේ යැයි පැවසෙන හිමිනමක් ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද (16) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මොරටුව එගොඩ උයන බෝධිරාජාරාමයේ ඥානවිමල නැමැති හිමිනමය.

හිමිනම සමග මෙම දැරියගේ මව කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් පවත්වනු ලබන බවත් මීට සති දෙකකට පමණ පෙර ගල්කිස්ස ප්‍රදේශයේ ඇති නිවාස සංකීර්ණයක නිවසකට දැරිය තම මව සමග ගිය අවස්ථාවේදී අදාළ සැකකාර හිමිනම විසින් දැරියගේ මවට යම් දෙයක් බීමට දීමෙන් පසුව මව මත් වී නින්දට වැටුණු බවත් අනතුරුව හිමිනම තමන්ට අතවර කළ බවත් පවසමින් දැනට මවගෙන් වෙන්වී සිටින පියා සමග පොලිස් ස්ථානයට පැමිණි දැරිය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ යැයි ගල්කිස්ස පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැරියගේ මව වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ රත්නා ගමගේ මහත්මිය පෙනී සිටි අතර සැකකාර මව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව නැවත 30 වන දිනට කැදවීමට නියමිත ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
29
+1
24
+1
10
+1
41
+1
3
+1
24
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?