පුංචි දියණියට හිමිනම කළ කැත වැඩේ

එකොළොස් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළේ යැයි පැවසෙන හිමිනමක් ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද (16) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මොරටුව එගොඩ උයන බෝධිරාජාරාමයේ ඥානවිමල නැමැති හිමිනමය.

හිමිනම සමග මෙම දැරියගේ මව කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් පවත්වනු ලබන බවත් මීට සති දෙකකට පමණ පෙර ගල්කිස්ස ප්‍රදේශයේ ඇති නිවාස සංකීර්ණයක නිවසකට දැරිය තම මව සමග ගිය අවස්ථාවේදී අදාළ සැකකාර හිමිනම විසින් දැරියගේ මවට යම් දෙයක් බීමට දීමෙන් පසුව මව මත් වී නින්දට වැටුණු බවත් අනතුරුව හිමිනම තමන්ට අතවර කළ බවත් පවසමින් දැනට මවගෙන් වෙන්වී සිටින පියා සමග පොලිස් ස්ථානයට පැමිණි දැරිය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ යැයි ගල්කිස්ස පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැරියගේ මව වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ රත්නා ගමගේ මහත්මිය පෙනී සිටි අතර සැකකාර මව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව නැවත 30 වන දිනට කැදවීමට නියමිත ය.

  1. මූ මේ වගේ ගොඩක් කේස්… කරපු එකෙක් අපි ඒ ලෙවල් කරන කාලෙත් දහම් පාසලේ උගන්නපු අක්ක කෙනෙක්වත් මූ දූශණයකලා.. මුගේ දේශපාලන බලයෙනුයි.. සල්ලි බලයෙනුයි ඔක්කොම යට ගැහුවා…
    මූ මහින්දගේ හිටපු ජනාධිපති උපදේශකයෙක්… තාමත් එහෙමයි පොහොට්ටුවේ හොඳම සක්‍රීය ඩයල් එකක් තමයි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00