පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වල මුදල් වංචා කළ දෙදෙනකුට අත් වූ ඉරණම

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලට ජනතාව පරිත්‍යාග කළ මුදල් වංචාසහගතව ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හා සැකකාරියක මාර්තු මස 17 හා දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (03) නියෝග කළා.

කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ඥාතීන් දෙදෙනෙකු වන රසිකා දමයන්ති හා මලිත් භාෂණ නමැති දෙදෙනෙකු එසේ රක්ෂිත බනධනාගාරගත කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

නෙල්ලෝපිටිය ප්‍රදේශයේ පදිංචි තනූජා මල්කාන්ති නමැති කාන්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ පිළිකා රෝගී තත්ත්වයෙන් පසුවන ඇතැම් පුද්ගලයන් සිය රෝගී තත්ත්වය සුව කර ගැනීම සඳහා ආධාර ලබාදෙන ලෙස ඉල්ලා පුවත්පත්වල දැන්වීම් පළ කර ඇති බවයි.

එසේ පළ කරන දැන්වීම්වල සඳහන් දුරකථන අංකයන්ට කතාකර ඇති සැකකරුවන් දෙදෙනා එම රෝගීන්ට මුදල් පරිත්‍යාග කරන මුවාවෙන් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පත්‍රිකාවක් මෙන්ම ගිණුම් අංක ද ලබාගෙන ඇති බව ද එම නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

සැකකාර පුද්ගලයන් එම ලියකියවිලි භාවිතා කරමින් එම රෝගීන්ගේ නමට පෞද්ගලික දුරකථන සමාගම්වලින් සිම් කාඩ්පත් ලබාගෙන ඇති බවත් එම සිම් කාඩ්පත්හි දත්ත හරහා අදාළ පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට ඇතුල්වී එම ගිණුම්වල තිබෙන මුදල් එසේ වංචනිකව ලබාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

මෙම සැකකරුවන් ජංගම දුරකථන හා සිම්පත් විශාල සංඛ්‍යාවක් භාවිතා කරමින් මෙම වංචා සහගත ක්‍රියාව සිදුකර ඇති බව ද ඊට අදාළ ජංගම දුරකථන, සිම්පත්, බැංකු කාඩ්,ඇතුළු ලියකිවිලි රැසක් පරිගණක විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව ද පැමිණිල්ල මෙහෙයවූ එම නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39