Empty Ad
Empty Ad
AFC Banner

පැතුම්ගෙන් වටිනා අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද සිය 16 වන එක්දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

ඒ, නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන තුන වන එක්දින තරගයේ දීයි.

ඔහු මෙම අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කළේ පන්දු 31ක් පමණයි.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ඕක්ලන්ඩ් හිදී මෙරට වේලාවෙන් උදෑසන 6.30ට ආරම්භ වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීම තෝරාගත්තා.

මේ අතර තම අර්ධ ශතකය රැස්කළ පැතුම් පාදයේ යම් ආබාධයකට ලක්වන ආකාරය දැකගත හැකි වුණා.

අර්ධ ශතකය වාර්තා කිරීමට ලකුණක් කරා දිවයමින් සිටිය දී ඔහු මෙම ආබාධයට ලක් වුණා.

ඒ, අනුව ඔහුට පිටියෙන් ඉවත්වීමටයි සිදු වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?