ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය මනා හඬ පෞරුෂයකින් සුපෝෂණය කළ ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (22) දහවල් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

දිගු කලෙක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

1950 වර්ෂයේ දී මෙලොව එළිය දුටු මේ විශිෂ්ටයා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 75 සම්පූර්ණ වීමට ආසන්නයේ සිටියා.

ශ්‍රී ලංකා ගුවන් විදෙස් ස්ථානයේ අධ්‍යක්ෂ ධුරයක් ද දරා ඇති අනිල් භාරතී මහතා දශක පහකට අධික කාලයක් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කර ඇති චරිතයක්.

ගීත කලාවට අමතරව ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද ඔහු මනා සේවයක් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ද ඉටු කළා.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අනිල් භාරතී මහතා මෙරට ජනප්‍රිය තලයේ ගීත රැසක් ගායනා කළ උරුමක්කාරයෙක්.

අනිල් භාරතී කලාකරුවා ගායනය කළ ජනප්‍රිය ගීත අතර ” මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, බෙත්ලෙහෙම්පුර, ටිකිරි මලී පාසල් යන” ආදී ගීත ජනප්‍රිය වනවා.

  1. ඉතාම රසවත් ගීත රැසක් නිරතුරැ අසන්නට ප්‍රියකලා. ඒ ගීත අතරෙ නත්තල් කාලයේ බෙත්ලෙහෙම් ගීතය අපි අහන්න පුදුම ප්‍රියතාවයක් තිබුණේ ඔබට අජරාමර නිවන් සුවය ගායකයානෙනි. 🙏🌷

  2. මා ඉතමත් ප්‍රියකරන ගායකයන් වන ක්ලැරන්ස් විජෙවර්ඩන, ඇනස්ලි මාලේවන සහ අනිල් භාරති යන නාමයන් තුන කවදාවත් අමතක නොවේ. 1996 දෙසැ 13 දින ඒ මහා ගායකයා අප අතරින් වෙන්වූ දිනයේ දැනුනු වේදනාව අදද ඒ අයුරින්ම දැනේ. අප ග්‍රාමයේ මහා ගායකයානණි ඔබට මොක් සුව🙏🙏🙏🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22