පාස්පෝට් ගන්න එන අයට දැනුම් දීමක්

වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ දැනට සේවා සපයනු ලබන්නේ මීට පෙර, දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයට පමණක් බවයි.

ඉදිරි දෙසතිය තුළ විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.

සංචාරය වෙනුවෙන් මෙරටට පැමිණ සිටින අයට, විදේශ ගතව හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අයට සහ වෙනත් හේතුවක් මත වහාම පිටත්ව යාමට අවශ්‍ය අයට අදාළ ලියකියවිලි සමඟ එම දෙපාර්තමේන්තුවට පැමිණිය හැකි බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
11
+1
7
+1
5
+1
6
+1
6
+1
8
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?