AFC Banner
AFC Banner
Empty Ad

පාස්කු නඩුවේ විත්තිකරුවන්ට චෝදනා කියවා දීම අවසන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන්ට චෝදනා කියවා දීම අද කොළඹ මහාධිකරණය හමුවේ අවසන් කෙරුණා.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි නඩු විභාගය පැවැත්වුණේ.

මෙම නඩුවේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 23270ක් ගොණුකර තිබුණා.

පුරා දින 5ක් තිස්සේ සිදු කෙරුණු චෝදනා කියවා දීම අද දින අවසන් වූ අතර ඉන් පසුව අදාළ නඩුව විභාගය සඳහා ඔක්තෝබර් මස 10 වනදා කැඳවන ලෙසටයි අධිකරණය නියෝග කළේ.

එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා වෙත අධිකරණය විසින් සිතාසි ද නිකුත් කර තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 21වනදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිපුර වන්දි ගන්න ඒ ගෙවල්වල මැණික් තිබ්බා කියලා දාලා
08:03
Video thumbnail
පක්ෂ දෙක එකතු වෙනවට හිරුණිකා කැමති නෑ - උම්මත්තක සංවිධායකවරියක්
11:41
Video thumbnail
ගෙවල් ගිනි තියපු අයගේ ලැයිස්තුව අපි හෙළිකරන්නම්
12:57
Video thumbnail
ඇල්ටෝ එකක් ලක්ෂ 60යි - විට්ස් ගේන්නේ නෑ
09:04
Video thumbnail
ආණ්ඩුවේ නොහැකියාවට චන්දිම වීරක්කොඩි රිදෙන්නම දෙසයි.
03:59
Video thumbnail
වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් - ගෙවල් තමන් විසින්ම ගිනි තියා ගත්තද?
10:01
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44

?