spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසලේ ඉංග්‍රීසි ගුරුවරා බාලවයස්කාර දැරියන් 06 දෙනෙකුට අමුතු පාඩම

තමන් සේවය කළ පාසලේ ඉගෙණුම ලැබූ බාලවයස්කාර දැරිවියන් 06 දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන පාසල් ගුරුවරයෙකුව (13) සවස කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර – අමුණුගම පදිංචි 55 හැවිරිදි අයෙකුයි. සැකකරු කුරුණෑගල නගරයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිට ඇත.

වයස අවුරුදු 10 ක් වන පාසල් සිසුවියක්ට ගුරුවයකු විසින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස ළමා උපකාරක සේවය (1929) විසින් පොතුහැර පොලීසියට දැණුම් දීමක් සිදු කර ඇත.එම දැණුම් දීම මත විමර්ශණ කටයුතු සිදු කර ඇති පොලීසිය එක් දැරිවියක් කැදවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඇයගෙන් ලද තොරතුරු අනුව තවත් පාසල් සිසුවියන් 02 කුන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.එම දැරිවියන් වයස අවුරුදු 09 සහ 10 වියේ පසුවන බව පොලීසිය කියයි.සැකකරු තවත් පාසල් දැරිවියන් 03 කුට ලිංගික අතවර කර ඇති බවට විමර්ශණයේදී අනාවරණය වී ඇත.පසුව පොතුහැර පොලීසිය විසින් මේ බව කුරුණෑගල පොලීසිය දැණුම් දීමට කටයුතු කර ඇත.සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

අතවරයට පත්ව ඇති බව කියන දැරිවියන් මව්පියන් බාරයට පත් කර ඇති අතර,ඉදිරියේදී වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතව බව පොලීසිය කියයි.

සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?