spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ප්‍රවාහන සේවා බස්රථ 106 කින් 65කට තහනම් නියෝග

පාසල් ප්‍රවාහන සේවාවට නුසුදුසු බස්රථ සහ වෑන්රථ සොයා ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ  අනුරාධපුර නිලධාරීන් සහ අනුරාධපුර පොලිස් රථ වාහන අංශය නිලධාරීන් එක්ව අද පෙරවරුවේදී මෙහෙයුමක් දියත් කරයි.

අනුරාධපුර නගරයේ පාසල් වලට පැමිණෙන දරුවන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ ප්‍රවාහනයට සුදුසු තත්ත්වයේ පවතී ද යන්න පිළිබඳව සොයා බැලීමට අද දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙහිදී ඇතැම් බස් රථ වල සවි කර තිබු එම බස් රථවල ධාවනයට හා ආරක්ෂාවට බාධාවන් ලෙස පැවති අමතර අංගෝපාංග ඉවත් කිරීම, අමතර නලා ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබූ අතර ධාවනයට නුසුදුසු තත්වයේ කාර්මික දෝෂ පැවැති බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමටත් කටයුතු කෙරිණි.

එම පුද්ගලයින් සඳහා එම බස් රථ අලුත්වැඩියා කර දින දහ හතරක් ඇතුළත දී නැවත පොලිස් නිලධාරීන්ගේ හා මෝටර් රථ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට උපදෙස් ලබා දීමට ද එම මෙහෙයුමට එක්වු  නිලධාරීන් එම රියදුරන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙම නිලධාරීන් විසින්  සියයකට ආසන්නව  පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර ඉන් බස්රථ තිස් හයක් සඳහා සුළු වැරදි වෙනුවෙන් උපදෙස් ලබා ලබාදී තිබෙන අතර පාසල් දරුවන් ප්‍රවාහනයට නුසුදුසු තත්වයේ පැවති බස්රථ 65 ක් සඳහා තහනම් නියෝග ලබා දුන් බව අනුරාධපුර පොලිස් රථවාහන අංශ නිළධාරින් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?