පාසල් තෙවැනි වාර නිවාඩුව අද 

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර අදින් (22) අවසන් වනවා.

තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර 2024 පෙබරවාරි 01 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

2024 වර්ෂයේ පෙබරවාරි 01 වැනිදා සිට 16 වැනිදා දක්වා තුන්වැනි වාරයේ දෙවැනි පාසල් වාරය පැවැත්වෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළා. පෙබරවාරි 19 වැනිදා 2024 පළමු පාසල් වාරය ආරම්භ කරන බව ද ඇමැතිවරයා පැවසීය.

2023 වසරට අදාළව පළමු පාසල් වාරය ආරම්භ කිරීමට සිදු වූයේ අප්‍රේල් මාසයේ වේ.

මේ වසරේදී එය මාස දෙකක් පමණ ඉදිරියට ගෙන ඒමට හැකි වූ බවත් ජනවාරි මාසයේම ආරම්භ කිරීම තමාගේ ඉලක්කය වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.

උසස් පෙළ විභාගය කල් දමන ලෙසට විශාල ඉල්ලීමක් පැමිණීමත් සමඟ සති 5ක් එම විභාගය කල් දැමීමට සිදු වූයේ යැයි ද නොවැම්බර් 27 වැනිදා උසස් පෙළ විභාගය පැවැත්වීමට තිබුණේ යැයි ද ඇමැතිවරයා කීය. ලබන වසරේදී 1 සිට 13 ශ්‍රේණිය දක්වා වන විෂය නිර්දේශ නොවැම්බර් මස අග අවසන් කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?