පාසල් තෙවැනි වාර නිවාඩුව අද 

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර අදින් (22) අවසන් වනවා.

තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර 2024 පෙබරවාරි 01 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

2024 වර්ෂයේ පෙබරවාරි 01 වැනිදා සිට 16 වැනිදා දක්වා තුන්වැනි වාරයේ දෙවැනි පාසල් වාරය පැවැත්වෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළා. පෙබරවාරි 19 වැනිදා 2024 පළමු පාසල් වාරය ආරම්භ කරන බව ද ඇමැතිවරයා පැවසීය.

2023 වසරට අදාළව පළමු පාසල් වාරය ආරම්භ කිරීමට සිදු වූයේ අප්‍රේල් මාසයේ වේ.

මේ වසරේදී එය මාස දෙකක් පමණ ඉදිරියට ගෙන ඒමට හැකි වූ බවත් ජනවාරි මාසයේම ආරම්භ කිරීම තමාගේ ඉලක්කය වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.

උසස් පෙළ විභාගය කල් දමන ලෙසට විශාල ඉල්ලීමක් පැමිණීමත් සමඟ සති 5ක් එම විභාගය කල් දැමීමට සිදු වූයේ යැයි ද නොවැම්බර් 27 වැනිදා උසස් පෙළ විභාගය පැවැත්වීමට තිබුණේ යැයි ද ඇමැතිවරයා කීය. ලබන වසරේදී 1 සිට 13 ශ්‍රේණිය දක්වා වන විෂය නිර්දේශ නොවැම්බර් මස අග අවසන් කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08