පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයට වෛද්‍ය කඳවුරක්

පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුර අද (11) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවැත්වූ මෙම වෛද්‍ය සායනය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ අනුබද්ධ කාර්ය මණ්ඩල මෙන් ම මන්ත්‍රීවරුන් සඳහා විවෘතව පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

මෙහි සමාරම්භක අවස්ථාව සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමයේ සභාපති පාලිත ප්‍රියංකර සහ එම සංගමයේ ලේකම් බුද්ධිකා අබේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

බෝ නොවන රෝග පරීක්ෂාව, වකුගඩු, අක්ෂි, දන්ත, ආයුර්වේද වෛද්‍ය, පෝෂණවේදී සහ මනෝවෛද්‍ය යන අංශවලට අදාළ සායන මෙන්ම රසායනාගාර පරීක්ෂණ සේවාවන් සඳහා මෙහිදී අවස්ථාව සලසා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31