AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 17ක් අත්අඩංගුවට

යාපනයේදී විරෝධතාවයක නිරත වූ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 17 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝග නොතකා විරෝධතාවයේ නිරත වීම හේතුවෙනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද 11 යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර ඒ 75 වන නිදහස් දිනයට සමගාමිව පැවති උත්සවයකට සහභාගී වීම සඳහායි.

ඒ සඳහා විරෝධය දක්වමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන්  ඇතුළු පිරිසක් විරෝධතාවයේ නිරත වුණා.

අදාළ විරෝධතාවය යාපනය මධ්‍යම බස් නැවතුම්පල ඉදිරිපිට ආරම්භ කළ අතර එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් හට ගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එහිදී යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූයේ.

අදාළ විරෝධතාවය අධිකරණ නියෝග නොතකා පවත්වා තිබු අතර එම අවස්ථාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?