පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 17ක් අත්අඩංගුවට

යාපනයේදී විරෝධතාවයක නිරත වූ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 17 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝග නොතකා විරෝධතාවයේ නිරත වීම හේතුවෙනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද 11 යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර ඒ 75 වන නිදහස් දිනයට සමගාමිව පැවති උත්සවයකට සහභාගී වීම සඳහායි.

ඒ සඳහා විරෝධය දක්වමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන්  ඇතුළු පිරිසක් විරෝධතාවයේ නිරත වුණා.

අදාළ විරෝධතාවය යාපනය මධ්‍යම බස් නැවතුම්පල ඉදිරිපිට ආරම්භ කළ අතර එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් හට ගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එහිදී යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූයේ.

අදාළ විරෝධතාවය අධිකරණ නියෝග නොතකා පවත්වා තිබු අතර එම අවස්ථාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30