පාර්ලිමේන්තුවේ පිපිරුණු ගෑස් සිලින්ඩරය

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුපුරා යෑම පිලිබද ඊයේ දිනයේ රට හදන තැන ලොකු කතාබහක් ඇති කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් ඒ සම්බන්ධව දිගු අදහස් දැක්වීමක් කලා.

“දැක්ක දැක්ක තැන ගෑස් පෝලිම් තියනවා.
එතකොට ගෑස් පෝලිමේ ඉදන් ගෙදර ගේන සිලින්ඩරයේ ආරක්ශිතභාවය පිලිබඳ විශාල ගැටලුවක් නිර්මානය වෙලා තියනවා.
දැන් මම ඔබ තුමාට කියන්න කැමති හිටපු විධායක අධ්‍යක්ෂ තුශාන් ගුණවර්ධන මැතිතුමා , විශේෂයෙන් බියුටේන් ප්‍රෝපේන් ප්‍රතිශතය අසූවයි විස්සට තියෙන්න ඕනේ එක පනහයි පනහා කරා කියලා චෝදනා කරනවා.

ඒ වගේම මේ පනහයි පනහා බවට පත් කිරීම තුළ ප්‍රෙශර් එකේ ,පීඩනේ වෙනසක් සිදු වෙලා පිපිරීමට තුඩු දෙන වෙනසක් වෙයි කියලා බලශක්ති විශේෂඥ නිමල් සිල්වා මහත්තයා කියනවා.

ඒ වගේම ගෑන් සමාගම් කියනවා සංයුතියේ වෙනසක් සිදු වුණේ නැහැ කියලා.

ඒ වගේ ම කියනවා අපේ අමාත්‍යවරයා කිසි ගැටලුවක් නැහැ පරීක්ෂණ පවත්වලා තියෙන්නේ ඔක්කොම හරි කියලා කියනවා.

ඉතින් ගරු කථානායක තුමනි මම මේ අවස්ථාවේ අවධාරනය කරන්න කැමති , මේ ගැටලුව සම්බන්ධයෙන් ඇමතිවරයා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහිමකට පත් වෙන්න බැහැ.

මොකද මේක මිනිස්සුන්ගේ ජීවිත පිළිබද ප්‍රශ්නයක් , මිනිසුන්ගේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශනයක්.ඇත්ත වශයෙන්ම කථානායක තුමනි ජාතික ආරක්ශාව පිළිබද ප්‍රශනයක්.

එක පැත්තකින් ගෑස් පෝලිම , අනිත් පැත්තෙන් පෝලිමේ ඉදලා ගෙදර ගෙනියන ගෑස් සිලින්ඩරේ සුරක්ශිතභාවය.

ඉතින් මේ භයන්කාර තත්වය තුල මම ඉල්ලීමක් කරනවා ඇමතිවරුන්ගෙන් මේ ප්‍රශ්නය මග හැර යන්න එපා කියලා. මේ වනවිට හරවත් සාක්ෂි සහිත පැහැදිලි පිලිතුරක් රටේ ජනතාවට ලබා දෙන්නට රජය අපොහොසත් වෙලා තියනවා.

කරුණාකරලා මේ මිනිසුන්ගේ හිතේ තියන මේ බිය සැක සංකාව තුරන් කරන්නට රජය පැහැදිලි පියවරක් ගන්න.මේ වැල්වටාරම් උත්තර වලින් ඇමති වරුන්ගේ ජනතාව සෑහීමට පත් වෙන්නේ නෑ.මෙතන මොනයක්ම හෝ ගැටලුවක් තියනවා.ඉතින් මොකක්ද මේකේ සත්‍යය….
අපිට අවශ්‍යයි තොරතුරු දත්ත සහිත පැහැදිලි කිරීමක් රටට..

අපිට විතරක් නෙමෙයි ලක්ශ දෙසිය විස්සක් වූ රටේ ජනතාවට..”

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කර සිටියේ අවම වශයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හෝ මේ සදහා පත් කරන ලෙසයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00