පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්

රටේ මේ අවස්ථාවේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා, ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ එකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ක්‍රියාත්මක කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) දින පැවති විශේෂ රැස්වීමකදී තීරණය වුණා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් ඉහත අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වන අතර අදාළ සියලු ආයතන ද ඊට සම්බන්ධ කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී උපදෙස් දුන්නා.

මිට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන අය ද, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වාසුදේව නානායක්කාර, ඒ.එල්.එම් අතාවුල්ලා, සුදර්ශන දෙනිපිටිය, ජගත් සමරවික්‍රම යන අයද, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ, වාරිමාර්ග අමාත්‍යංශයේ, ජල සම්පාදන අමාත්‍යංශයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01