spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පානදුර පොලිස් කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන 23 කට විශේෂ පොලිස් ආරක්ෂාවක්

පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවා.

පානදුර පොලිස් වසමේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන දාහතරක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන තුනක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන හයක් ආවරණය වන පරිදි පොලිස් ජංගම සේවා රථ යොදා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත්, ඊට අමතරව ආගන්තුක පුද්ගලයන් එම ප්‍රදේශවල ගැවසුනහොත් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැනුම්වත් කිරීමට පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවා.

එළඹෙන රාමසාන් උත්සව සමය මෙන්ම ඊයෙ අකුරණ ප්‍රදේශයේ දේවස්ථානයක් පිළිබඳ ලැබුණු නිර්ණාමික ඇමතුම පදනම් කර ගනිමින් මෙම ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර පොලිස් වසමේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන දාහතරක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන තුනක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන හයක් ආවරණය වන පරිදි පොලිස් ජංගම සේවා රථ යොදා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත්, ඊට අමතරව ආගන්තුක පුද්ගලයන් එම ප්‍රදේශවල ගැවසුනහොත් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැනුම්වත් කිරීමට පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?