පාඨලීට අලුත් තනතුරක්

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චම්පික රණවක මහතා නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා.

අද පැවති ‘ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ’ ප්‍රථම රැස්වීමේදී චම්පික රණවක මහතා නිතරඟයෙන් තේරි පත් වූයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ මන්ත්‍රී සංජීව එදිරිමාන්නගේ යෝජනා ස්ථිරත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ රජයට අතිරේක ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත්, රටේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කරමින් රජයේ වියදම් සලකා බැලීමටත් මෙම කාරක සභාවට බලය ඇති බවයි.

මෙම වසරේ අයවැයෙන් අපේක්ෂිත බදු ආදායම එකතු කර ගැනීම සහ රජයේ ආදායම ඉහළ නැංවීමේ ක්‍රම පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ආදී සියලුම ස්ථාවර කාරක සභාවල විෂය පථයන් එකිනෙක නොගැටෙන අයුරින් කටයුතුකිරීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරුන් අතර සාකච්ඡා කර තීරණය කිරීමට අවශ්‍ය බවද මෙහිදී අවධාරණය කෙරුණා.

සියලුම කාරක සභා සභාපතිවරුන් කථානායකවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55