පාඨලීගේ රාජගිරිය අනතුරේ නඩුව කල් යයි

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (31) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බල්ල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේ දී විත්තිකාර පාඨලී චම්පික රණවක අධිකරණයේ පෙනී සිටියා.

එහිදී විත්තිකාර චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන තවත් සමාන නඩුවකට අදාළව විත්තිකරු මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.

එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙම නඩුවට අදාළව විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ තවත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ, අනුව නඩුව නොවැම්බර් මස 23 දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අපරික්ෂාකාරී ලෙස රිය පදවා රාජගිරිය ප්‍රදේශයේ දී අනතුරක් සිදු කොට සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයෙකු බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34