AFC Banner
Empty Ad
Empty Ad

පාඨලීගේ රාජගිරිය අනතුරේ නඩුව කල් යයි

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (31) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බල්ල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේ දී විත්තිකාර පාඨලී චම්පික රණවක අධිකරණයේ පෙනී සිටියා.

එහිදී විත්තිකාර චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන තවත් සමාන නඩුවකට අදාළව විත්තිකරු මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.

එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙම නඩුවට අදාළව විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ තවත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ, අනුව නඩුව නොවැම්බර් මස 23 දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අපරික්ෂාකාරී ලෙස රිය පදවා රාජගිරිය ප්‍රදේශයේ දී අනතුරක් සිදු කොට සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයෙකු බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ බහුතරයක් දැන් ඉන්නේ ආණ්ඩුව එක්ක නෙවෙයි #sajithpremadasa #npp #akd
01:07
Video thumbnail
රනිල්ට තියෙන්නේ කුහක සතුටක් #ranilwickremesinghe #sajith
01:14
Video thumbnail
රනිලුයි අනුරයි ගොඩක් කල් ඉඳන් යාළුවෝ #anurakumaradissanayake #anurakumaradissanayake
01:28
Video thumbnail
සජිත් මහත්තයෝ මටත් ජපන් පුළුවන් - මම හෂාන් තිලකරත්නගේ බිරිඳ - සජිත් ළඟ තියාගෙන අපසාරී
09:36
Video thumbnail
අපි මැතිවරණ කරන්නේ ජනතාව කෙරෙහි විශ්වාසය තියලා
00:48
Video thumbnail
අනුර ජනාධිපති වෙලා කෝටි 45000ක් ණය අරන්
02:55
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
16:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12

?