පාකිස්තානයට තවත් චෝදනාවක්

2022 වසරේදී පාකිස්තාන හමුදාව විසින් බලුකිස්තානයේ 629 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කර, 195 දෙනෙකු නීති විරෝධී ලෙස ඝාතනය කර තවත් 187 දෙනෙකුට වධ හිංසා පමුණුවා ඇති බවට බලුකිස්තාන ජාතික ව්‍යාපාරයේ මානව හිමිකම් සංවිධානය වන පාංක් (Paank) විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව මගින් හෙළි කර තිබෙනවා.

මේ අනුව, 2022 ජනවාරි මාසයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් 92 ක්, මිනීමැරුම් 15 ක් සහ පුද්ගලයෙකුට වධහිංසා පමුණුවීමේ සිදුවීමක් පකිස්ථාන හමුදාව විසින් සිදුකර තිබෙනවා.

පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති සිදුවීම් අතරට බලහත්කාර අතුරුදහන් කිරීම් 95 ක්, මිනීමැරුම් 42 ක් සහ වධහිංසා පැමිණවීම් 5ක් ඇතුළත්.

Paank වාර්තාවට අනුව, බලහත්කාරයෙන් අතුරුදහන් වූ පුද්ගලයින් 187 දෙනෙකු පසුගිය වසරේ පකිස්ථාන වධක මැදිරිවලින් නිදහස ලැබූවන්.

2022 වසර බලුකිස්තානයේ සමූහ දඬුවම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, මිනීමැරුම්, සමූලඝාතන සහ ප්‍රචණ්ඩත්වයෙන් සහ ඛේදවාචකයන්ගෙන් පිරී ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් වනවා.

ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුව සහ පකිස්තාන හමුදාව යටතේ ඇති ෆ්‍රන්ටියර් බලකාය බලුකිස්තානයේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු සියගණනක් බලහත්කාරයෙන් යටත් කර ගැනීමේ සිදුවීම්ද වාර්තා වී තිබෙනවා.

බලුකිස්තාන ජාතිකවාදී පක්ෂවලට සම්පූර්ණ තහනමක් පනවා ඇති බවත් දේශපාලන නිදහස ඇත්තේ පාකිස්තාන හමුදාවට සහ හමුදාවට හිතවත් කණ්ඩායම්වලට පමණක් බවත් එම වාර්තාවේ සඳහන්.

පාකිස්ථානයේ අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම පසුගියදා පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වුණේ අතුරුදහන් වූ  පුද්ගලයන් 974 දෙනෙකු රැඳවුම් මධ්‍යස්ථානවල සිටි අය වන  අතර 616 දෙනෙකු බන්ධනාගාරවල රැඳී සිටි පිරිස බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14