AFC Banner
AFC Banner
Empty Ad

ප්ලාස්ටික් බෝතලය තුළ පාවී ආ ජීව අත්බෝම්බය

දෙහිඕවිට පොලිස්බල ප්‍රදේශයට අයත් පොල්ඕවිට ඇළ මාර්ගය දිගේ ජල පහරත් සමග ගලා ආ ජීව අත්බෝම්බයක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම අත් බෝම්බය ඊයේ (20) රාත්‍රියේ දී සොයාගෙන ඇත්තේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමක් මතයි.

අත්බෝම්බය ප්ලාස්ටික් බෝතලයක බහා තිබුණු බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත ගෝනහේන විශේෂ කාර්‍යය බලකා නිලධාරින් පැමිණ අදාළ අත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇළ පිටාර ගැලීම සිදුවන හෙයින් කිසියම් අයෙක් අපරාධයක් කිරීමේ අරමුණින් මෙම අත් බෝම්බය සඟවා තිබියදී ජල පහරට හසුව ගසාගෙන එන්නට ඇතැයි සැක පළ කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?