ප්‍රමුඛ පෙළේ චීන ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ගවේෂණ චාරිකාවක

චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා කර තිබෙනවා.

සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ඖෂධ, ආහාර සැකසුම්, පුනර්ජනනීය බලශක්ති සහ විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජන සඳහා විශාල විභවයක් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

සීමාසහිත දගුඕවෙන් කල්චර් (Daguowen Culture Co)හි සභාපති ස්හෑන්ග් කිව්හුවා (Zhang Qihua) පැවසුවේ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව හා ගෝලීය තිරසාර සංවර්ධන ප්‍රවර්ධනය සමඟ තමා කටයුතු කරන බවයි.

චීනයෙන් මිලියනයකට අධික සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාව වෙත චීන සංචාරකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙරටම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා කොනයිසන්ස් ඩි සිලෝන් (Connaissance De Ceylon) හි සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ සමඟ සමීපව කටයුතු කරන බවයි ඔහු කියාසිටියේ.

ස්හෙජිඈන්ග් (Zhejiang) ප්‍රසිද්ධ කාන්තා වාණිජ මණ්ඩලයේ සභාපතිනි ජින් මෙයි යැන්ග් (Jin Mei Yang) මහත්මිය ශ්‍රී ලංකාවේ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා සහාය වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

මානව සෞඛ්‍ය සඳහා මානව අක්මා සෛල සහ මැණික් ගල් අතර ඇති සබඳතාව පිළිබඳ ගවේෂණය කරනු ලබන වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් වන වුක්සින් ගෘප් (Wuxin Group) හි සභාපතිනි ක්සි යූයු (Xie Yueyu) මහත්මිය පැවසුවේ පිළිකා සුව කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ ශාඛාවක් පිහිටුවීමට තමන් උනන්දු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38