ප්‍රභාත් ජයසූරියට තරයේ අවවාද

තරගය අතර තුර විනය විරෝධී හැසිරීම හේතුවෙන් ශ්‍රි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට තරයේ අවවාද කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර වූ සිදුවීමකට අදාළව, මෙම අවවාද කිරීම සිදුකර ඔහුගේ නමට අසාදු ලකුණක් එක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තරගයේ තෙවන දිනය වූ ඊයේ (24) දිනයට තරගය නිමා වීමට ආසන්නව තිබියදී ප්‍රභාත් ජයසූරිය දැවී ගිය අතර, ඔහු ක්‍රීඩක විවේකාගාරය වෙත යන අතරතුර තම පිත්තෙන් සීමා මායිම් ආවරණ වෙත පහරදීම හේතුවෙන් තරග නීති උල්ලංඝනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය ජයසූරිය උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් මෙම අවවාද කිරීම සහ අසාදු ලකුණ ප්‍රභාත් ජයසූරියට එක්කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එල්ල කරන චෝදනාව ප්‍රභාත් ජයසූරිය විසින් පිළිගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27