Empty Ad
AFC Banner
Empty Ad

පළියට පළිය ගත් ආරවුල

තම මස්සිනා විසින් එල්ල කරන ලද පිහි පහරක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම බිහිසුණු අපරාධය සිදු ව ඇත්තේ වවුනියාව – සුන්දරපුරම් ප්‍රදේශයේ දි යි.

ඊච්චන්කුලම පොලිසිය පවසන පරිදි 28 හැවිරිදි සුන්දරලිංගම් සුගන්ධන් නමැත්තෙකු මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබෙනවා.

මියගිය තැනැත්තා යතුරුපැදියකින් සිය නිවස වෙත ගමන්කරමින් සිටි අවස්ථාවකදී පිහි
පහර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තැනැත්තා සිය නැන්දණිය වෙත පසුගිය දීපවාලි දිනයේ කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල කර ඇති සිදුවීමකට සැකකරුවෙකු වශයෙන් බන්ධනාගාරගතව සිට ඇපපිට නිවසට පැමිණ සිටි පුද්ගලයෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සිදුවීමට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැක කරන අතර, ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද ඊච්චන්කුලම පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?