දිවයිනේ බොහෝ ප්රදේශවල අද (17) ප.ව. 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්ය දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ උතුරු – මැද පළාත්වලත් ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
බස්නාහිර පළාතෙත් ගාල්ල, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත් වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද නිවේදනයේ සඳහන්.
