නාමල්ගේ පුද්ගලික ලේකම්ගේ නිවසට මහ රෑ අල්ලස් නිලධාරීන් පැනලා

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වන සංජේ සමරසිංහගේ නිවස, ඊයේ (16) රාත්‍රියේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සෝදිසියට ලක්කර තිබෙනවා.

ඔහුගේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට ඊයේ රාත්‍රී 10.30ට පමණ අදාළ නිලධාරීන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද මෙලෙස සෝදිසි මෙහෙයුම සඳහා එක්ව සිට ඇති අතර අද (17) අලුයම 4.30 පමණ වන තෙක් මෙය පැවති බවටයි තොරතුරු වාර්තා වන්නේ.