Empty Ad
AFC Banner
Empty Ad

පළමු 20-20 තරගයේ ජය කිවියන්ට

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු 20-20 තරගය ලකුණු කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (28) සමත් වුණා.

ඒ, අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස නවසීලන්තය පෙරමුණ ගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 172ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසි අතර, එහිදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 120ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්ට හැකියාව ලැබුණා.

පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබාගෙන සිටිය දී දැවීගිය අතර ඔහුගේ දැවීයාමෙන් පසු ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණා.

තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට දෝලනය වී තිබිය දී මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් නොතිබූ ජයක් නවසීලන්තය සතු වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 90ක් රැස්කළ අතර, කුසල් පෙරේරා සහ කමින්දු මෙන්ඩිස් ලකුණු රැස් කළේ නැහැ.

නායක චරිත් අසලංක ලකුණු 03ක්, භානුක රාජපක්ෂ ලකුණු 08ක් සහ වනිඳු හසරංග ලකුණු 05ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජේකොබ් ඩෆී කඩුලු 03ක් බිඳ දැමූ අතර, මැට් හෙන්රි සහ සකරි ෆෝකස් අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ලියවී තිබුණේ කඩුලු 08ක් දැවී ලකුණු 164ක් ලෙසටයි.

ඒ අනුව පළමු 20-20 තරගය ලකුණු 08 කින් ජයගෙන නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති සමන්ත පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
00:00
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන්ම තමයි අහන්න ඕනි පනින රිලව් ගණන් කරන විදිය
01:48
Video thumbnail
ඇමති හඳුන් මෙදා පොටේ වැඩේ නා ගනීද ? මිනිස්සු සුද්ද සිංහලෙන් අම්බානක අමතයි
14:54
Video thumbnail
විනාඩි 17යි - බටලන්ද වාර්ථාව එළියට - රනිල් වික්‍රමසිංහ ලෙෆ්ට්
17:09
Video thumbnail
BREAKING NEWS 🔴ගිනි අවියක් සමග - ශාන් පුතා අත්අඩංගුවට #shanputha #ශාන්පුතා
02:15
Video thumbnail
ගුවන් යානයක් ගිනි ගනී
00:54
Video thumbnail
මගීන් 178දෙනෙකු සමග හදීසියේ ගොඩබැස්සූ ගුවන් යානයක් ගිනි ගනී #globalnews
01:19
Video thumbnail
රාජිතගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක් - අප්‍රේල් වැටුපෙන් වෛද්‍යවරුන් නන්නත්තාරයි
03:32
Video thumbnail
ගම්පහ - වැලිවේරියත් රත්වෙයි
00:20

?