පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ශිෂ්‍යත්ව පංති ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර කළ බව කියන එම විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසනවා

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිඥවරයෙකු මගින් පොලිසියට භාරවීමෙන් අනතුරුවය. අත්අඩංගුවට ගත් 49 හැවිරිදි සැකකරු 17 හැවිරිදි දියණියක සිටින තැනැත්තෙකු බව පොලීසිය කියයි.

අතවරයට පත් දැරිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබෙන අතර දැරියට ගුරුවරයාගෙන් අතවරයක් සිදු වනවාදැයි හොර රහසේ සොයා බැලීම සඳහා අනවසරයෙන් විද්‍යාල භූමියට ඇතුළු වී පංති කාමරය තුළ සීසීටීවී කැමරා සවි කළ බව කියන දැරියගේ මව සහ සියා ද විදුහල්පතිවරයාගෙන් ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර ඇප මත මුදා හැරිය බව බව පොලිසිය පවසයි.

ලිංගික අතවරයට පත් දැරියගේ මව විසින් ළමා ආරක්ෂණ අධිකාරියට ඉකුත් මස 25 වැනි දින කරන ලද පැමිණිල්ලකට අදාළව ඉංගිරිය පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව පැමිණිලිකාරිය සහ වින්දිත දැරිය ඊට පසු දින ඉංගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

ශිෂ්‍යත්ව අමතර පන්ති පාසල් වේලාවෙන් පසුව සවස් කාලයේ සිදු කරන අවස්ථාවලදී එම සැකකාර ගුරුවරයා තමන් හැද සිටින නිල ඇඳුම උඩින් පපු ප්‍රදේශය සහ ලිංගික ප්‍රදේශය ස්පර්ශ කරන බවත් දැරිය ප්‍රකාශයක් ලබාදෙමින් එහිදී පොලීසියට පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පෝරුවදණ්ඩ අරුණ ගම පදිංචිකරුවෙකි

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
2
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23