පරිසරයට හානි කරන එකම පුද්ගලයා මම ව‌ගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම තේරෙන්නේ – ජනපති

විලාසිතාවක් ලෙසට පරිසරය ගැන අදහස් පළ නොකර සෑම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නේනම් පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉතා පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනට අද (22) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදි.

පරිසර දුෂණය අද සියලුදෙනාගේ සාකච්ඡාවට බඳුන්වී ඇති බවත් ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් කර ඇති බවත් ජනපතිවරයා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මම තමයි පරිසරයට අහිතකර එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ, මගේ කර්මාන්ත තමයි අපද්‍රව්‍ය ඔක්කෝම ගංගාවලට එකතු කරන්නේ. මම තමයි පහත්බිම් ගොඩකරන්නේ, මේ සියලුම දේ කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම පේන්නේ. පරිසරය ගැන කථා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර, හැමකෙනෙක් ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට හරිම පහසුයි.“

මෙරට ගංගා සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාවට නංවන ගං ඉවුරු ආරක්ෂා කිරීමේ ‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කතරගම මැණික් ගං ඉවුර අසලට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ‘සුරකිමු ගංගා’ ස්මාරකය විවෘත කළේය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරාධිතයින් උත්සව සභාවට පැමිණියේ ඉන් අනතුරවය.

  1. ගෝඨාස් වෝ කියල පොත් ලියවලා යුද්ධ ජයග්‍රහණයෙගයේ කීර්තිනාමය සම්පූර්ණයෙන්ම අයිතිකරගත්තා නම් මේකෙ වගකීමත් ගන්න ඕනැ නේද?

  2. පලමු කොරෝනා රැල්ල මැඩ පැවැත්තුවේ ඔයා කියල කිව්ව නේද … එහෙනම් ඉතින් කැලෑ විනාසයේ වගකීමත් ඔයා ගන්න ඔනෙ ඒ වගේම අර පස්සර බස් අනතුරෙත් වගකීම ඔයා ගන්න ඔනේ … මොකද එතන ඒ වැටුන ගල අයින් කෙරුවෙ නැති හින්ද තමයි ඒක උනේ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13